පුවත්

සරුංගල් ආරවුලකට සිසුවෙකුගේ අත වෙන් වෙන්නම කපයි

Published

on

මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ දී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවෙකුට කඩුවකින් පහර දී අතක් කපා දමා බරපතල තුවාල සිදු කල බව කියන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අද  (26) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

එම සිද්ධියෙන් අදාල සිසුවාගේ දකුණු අතේ මැණික් කටුවට ඉහලින් කැපී සම්පූර්ණයෙන්ම වෙන්ව ගොස් තිබු අතර පවුලේ ඥාතීන් කැපී ගිය අතේ කොටස අයිස් වල දමා රෝහල වෙත රැගෙන විත් තිබුණි.

පසුව මූලික ප්‍රතිකාර වලින් පසු පාසල් සිසුවාගේ අත බද්ධ කිරීම සදහා ඉක්මණින් කොලඹ ජාතික රෝහල වෙත මාරු කර යවනු ලැබීය.

සරුංගල් යැවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇති වු ආරවුලක් පසු මෙම කඩු ප්‍රහාරය එල්ල කර තිබෙන බව කියති.

කෙසේ වෙතත් ඊට සම්බන්ධ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් අද (26) සවස මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

(අද)

Trending

Exit mobile version