රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (28) භාරදීමට නියමිතය.
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ සඳහන් කළේ,අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවය.
සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාව පසුගියදා ආරම්භ කර තිබුණි.
වී මෝල්වල මේවනවිට පවතින වී හා සහල් තොග කොපමණ ද යන්න පිළිබඳව දත්ත එක් රැස් කිරීම මෙහිදී සිදු කර තිබේ.
ඒ අනුව, ඊයේ (27) දිනයේ ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට අයත් ප්‍රධාන සහල් මෝල් ඇතුළු මෙරට ඇති සුළු හා මධ්‍ය පරිමාණයේ හාල් මෝල්වල පවතින සහල් සහ වී තොග සංචිත පරික්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබුණි.