පුවත්

සිගරට් මිල ඉහල නොදා බීඩි වැඩි කල අතයට ගේම!

Published

on

දුම්වැටි බදු වැඩිකර වැඩි ආදායමක් ඉපැයීමට අවස්ථාව තිබියදී එලෙස කටයුතු නොකර බීඩි සඳහා බදු වැඩි කිරීම දුම්කොළ සමාගමේ ප්‍රධානීන් හා රජයේ ප්‍රධානීන් අතර සිදුවූ එකඟතාවයක ප්‍රතිඵලයක් බව මේවන විට ශ්‍රී ලංකා මිරර් වෙත තොරතුරු හෙළිවෙමින් තිබේ.

බීඩියක් මත රුපියල් 2ක බද්දක් පැනවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය කතාවේ දී පසුගියදා කියා සිටියේය.

බීඩි කර්මාන්තය විධිමත් කිරීම සහ බීඩි භාවිතයෙන් වැළැකීමට ජනතාව පෙළඹවීම සඳහා, බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීමට යෝජනා කරන බවයි ජනපතිවරයා එහිදී පැවසුවේ.

ඊට අමතරව, සහතික හා බලපත්‍ර ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු ද වැඩි කරන බව ඔහු කියා සිටියේය.

කෙසේවුවද, ජනපතිවරයාට අදාළ තොරතුරු ලබාදුන් පිරිස් ඒ මහතාව නොමග යවා ඇති බව මේවන විට හෙළිවී ඇතැයි ද පැවසේ.

දුම්වැටි ආදායම ඉහල දමා ගැනීම හා බීඩි කර්මාන්තය විනාශ කිරීම සඳහා මේ සැලැසුම හිතාමතා සකසන ලද්දක් බව ද පැවසේ.

අයවැයට පෙර ආර්ථික විශේෂඥයකු වන Verite Research ආයතනයේ පර්යේෂණ ප්‍රධානී නිෂාන් ද මෙල් මහතා ද පෙන්වා දී තිබුණේ අයවැයෙන් දුම්වැටි සඳහා බදු වැඩි කිරීම ආර්ථික ශක්තියට වඩාත් යෝජ්‍ය වනු ඇති බවයි.

එසේම එය, දුම්වැටි පානය අධෛර්‍යමත් කිරීමට මෙන්ම, සෞඛ්‍ය අංශය සඳහා වැයකරනු ලබන වියදම් අඩුකර ගැනීමටත් වාසිදායක වන බවයි.

Trending

Exit mobile version