පුවත්

සිරිපා වන්දනා සමය දෙසැම්බර් 26දා සිට

Published

on

මෙවර සිරිපා වන්දනා සමය දෙසැම්බර් 26දාට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යායේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් නිල වශයෙන් නිවේදනය කර ඇත.

උන් වහන්සේ මේ බව පවසා ඇත්තේ ඊයේ (09) නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙසින් සාකච්ඡා කර ඇත.

එසේම ශ්‍රී පාද වන්දනාවට පැමිණීමේදී පරිසරයට හානිකර පොලිතීන්, ප්ලාස්ටික් ආදිය රැගෙන ඒමෙන් වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසයි.

Trending

Exit mobile version