විදුලිය කප්පාදුව ඇතුළු ගැටලු හේතුවෙන් සංචාරක කර්මාන්තය පසුගිය වසර කිහිපයට සාපේක්ෂව මේ වන විට දැඩි පසුබෑමකට ලක්ව ඇති බව උනවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් කියා සිටී.
පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීම, සංචාරක කර්මාන්තයට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ ලබාගත් බැංකු ණය ගෙවාගැනීමට නොහැකි වීම ඇතුළු කරුණු හේතුවෙන් තමන් දුෂ්කරතාවට පත්ව ඇති බවයි එම ව්‍යාපාරිකයන් ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් සංචාරක කර්මාන්තයේ යෙදී සිටින ප්‍රවීනයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ බොරු කියා විදේශිකයන් ලංකාවට ගෙන්වා ගන්නා ගන්නවාට වඩා වෙන කිසිම රටකදී භුක්තිවිදිය නොහැකි පැකේජයක් ලංකාවේදී ලබාගත හැකි බව පවසමින් මේ කරුවලේ ජරමරේ පැකේජය විදේශිකයන්ට හඳුන්වා දුන්නේ නම් ඔවුන් එහි ආශ්වාදය විදීමට මෙහි එනු ඇති බවයි.
වීඩියෝ අනුග්‍රහය – නිවුස් ෆස්ට්