සීතාවක ඔඩිසි දුම්රිය ලබන සති අන්තයේ සිට සෙනසුරාදා දිනයේ ද ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලය කල ඉල්ලීමකට අනුව ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබා දුන් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සීතාවක ඔඩිසි දුම්රිය කොළඹ කොටුවේ සිට කැලණිවැලි මාර්ගයේ වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන අතර එය මේ දක්වා ධාවනය කෙරුණේ සෑම සති අන්තයකම ඉරිදා දිනයේ පමණි.
එය දුම්රිය ස්ථාන14ක නතර කෙරෙන අතර ඒ සඳහා පැය 2යි විනාඩි 20ක කාලයක් ගතවේ.
තවද සීතාවක ඔඩිසි දුම්රිය නවත්වන නැවතුම් ස්ථානයන්හී සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලය සඳහන් කරයි.