සුප්‍රිම්සැට් පෞද්ගලික සමාගම (SupremeSAT (Pvt) Ltd) රෝහිත රාජපක්ෂ මහතාට අයත් ව්‍යාපාරයක් නොවන අතර, ඔහු එහි සේවකයෙක් පමණක් බව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් (SUPREME GLOBAL HOLDINGS PVT LTD) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් (SUPREME GLOBAL HOLDINGS PVT LTD) ද රටට වැඩි යහපතක් කිරීමට වඩා අනර්ඝ වාණිජ කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට උපන් දේශීයව්යාපාරයක් බව ද ඒම නිවේදනයෙන් කියා සිටී.
මෙරට පටු පසුගාමී සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය සහ නූගත්, කුහක කොටස් පසුගිය දශකය පුරාවට පටු දේශපාලන අරමුණු වාසි ඇතිව මෙරට තරුණ පරපුරට අභ්‍යවකාශ තාක්ෂණයෙන් පෙරගමණයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව විනාශ කළ බවද ඔවුහු කියති.
සුප්‍රිම්සැට් (SupremeSAT) ව්‍යාපෘතිය ගෝලීය වශයෙන් පිළිගත් කීර්තිමත් ආයෝජකයින් සමඟ පුද්ගලික ආයෝජනයක් ලෙස සිදු කරන එකක් බවත්, රෝහිත රාජපක්ෂ එම සමාගමේ ‘ප්‍රධාන තාක්ෂණික අධ්යක්ෂ’ තනතුරේ සේවකයකු ලෙස කටයුතු කළ අයකු පමණක් බවත් වැඩිදුරටත් ඒම නිවේදනයෙන් කියා සිටී.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් (SUPREME GLOBAL HOLDINGS PVT LTD) නිකුත්කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.