සූදු ක්‍රීඩා නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
සූදු ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදු ක්‍රීඩාවන් මගින් පුද්ගලයන්ට හා සමාජයට සිදුවන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් සඳහා සියලුම සූදුක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන පරිදි මෙම නියාමන ආයතනය ස්ථාපිත කිරීමට නියමිතය.
ඒ අනුව, මේ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.