පුවත්

සෙනගාල් හි ජනාධිපතිවරණය අත්හිටුවයි !

Published

on

බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් කර ඇතැයි විදෙස් වාර්තෙවල දැක් වේ.

ඒ සමඟ රට පුරා විරෝධතා ආරම්භ වී තිබේ. 

විපක්ෂ දේශපාලන කණ්ඩායම් මේ විරෝධතා පවත්වන බවත්, ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන බවත් වාර්තා වේ.

සෙනගාල ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ, මෙම පෙබරවාරි 25 වැනිදාය. ඒ සඳහා සියලු කටයුතු සූදානමින් පැවැතිණි. 

ජනාධිපති මැකී සාලේ ද දිගටම ධුරයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන් පසුවිය.

කෙසේ නමුත්, දින නියමයක් නොමැතිව ජනාධිපතිවරණය අත්හිටුවීමට, ජනාධිපතිවරයා නියෝග කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධයෙන්ගැටලුසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවිනි.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, මැතිවරණ නීති උල්ලංඝනය වීමක් සිදුවුණැයි පෙන්වා දෙමිනි.

(ඒ.එෆ්.පී.)

Trending

Exit mobile version