කිරි ගව සොරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා මෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිසියෙන් ඉල්ලා සිටියි.
මෙම දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින බවට ගොවි සංවිධානවල නියෝජිතයින් සිදුකරන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති පැමිණිලි පරිදි දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් සොරකම් කරන බවත් ඇමතිවරයා පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35ක් පමණ සොරකම් කරන බව ගොවි නියෝජිතයින් අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇති බවයි.