හලාවත ගොල්ෆ් පිටියක් ඉදිකිරීමට සැලසුම් කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා නිවේදනය කළේය.
ඒ ඉරණවිල හා හලාවත ප්‍රදේශය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සමස්ත උපාය මාර්ගයේ කොටසක් ලෙස බවද ඔහු කීය.
මේවන විට ශ්‍රී ලංකාව තුළ දැනටමත් කොළඹ, මහනුවර සහ නුවරඑළියේ ගොල්ෆ් පිටි කිහිපයක් තිබේ.
සිදුරු 18කින් යුත් ගොල්ෆ් පිටි පහක් සහ සිදුරු 9කින් යුත් ගොල්ෆ ක්‍රීඩාංගණ කිහිපයක් ද ශ්‍රී ලංකාව සතුවේ.
ගොල්ෆ් පිටියට අමතරව හලාවත සහ බිංගිරිය අතර සම්බන්ධක මාර්ගයක් ඉදිකෙරෙන අතර ඉන් අපනයන කලාපයක් පුළුල් කරන බව ද අමාත්‍ය ගුණවර්ධන මහතා පවසයි.
හලාවත – ඉරණවිල සංචාරක මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු බිංගිරිය ඒකාබද්ධ සංවර්ධන සැලැස්මට සම්බන්ධ කාර්ය සාධක බලකායක් මගින් අධීක්ෂණය කිරීමට නියමිත බවද පැවසේ.