පුවත්

හෙට සුරාසැල් වැසෙයි

Published

on

හෙට (04) දිවයින පුරා ඇති සියලුම සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ හෙට දිනයට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දිනය හේතුවෙනි.

සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසන්නේ එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල් වලට මුද්‍රා තබන බවය.

අදාළ නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගන්නා බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

Trending

Exit mobile version