පුවත්

හොර මුල්‍ය ආයතනයක් පවත්වා කෝටි 990ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

Published

on

මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව අදාළ මුල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇති සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව පොලීසිය පවසයි.

මහනුවර කැන්ඩි විව් ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකරු මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස් හිමිකරු ලෙසද කටයුතු කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version