Connect with us

පුවත්

අද පාර්ලිමේන්තුවෙත් බිත්තර නෑ කියයි

Published

on

සති දෙකක කාලයක සිට පාර්ලිමේන්තුවට බිත්තර නොමැති බවත්, කඩවල් 10ක් ගත්තොත් කඩවල් 8කම බිත්තර නොමැති බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති බවයි.

පරීක්ෂණ කිරීමෙන් අනතුරුව එම බිත්තර ඉදිරියේදී නිකුත් කරන බවත් ඔහු පැවැසීය.

අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

පුවත්

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයා රෝහලේ

Published

on

By

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ.

පැරෂුටය විවෘත වීම ප්‍රමාද වූ බැවින් ඔහු වහලයක් මතට ඇද වැටී ඇති බව වාර්තා වේ.

ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද සඳහන්ය.

Continue Reading

පුවත්

“ඩයනා පාර්ලිමේන්තුවේ අවභාවිතා වුනා”

Published

on

By

හිටපු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියව ආණ්ඩු පක්ෂය විසින් සමගි ජන බලවේගය බිඳ වැට්ටීම වෙනුවෙන් භාවිතා කල පළිහක් වශයෙන් අවභාවිතා කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (13 ) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

“වැරදි කෙනෙක් පත් කලාය කියලා අපි පිළිගත්තාම, අපි ඒක නිවැරදි කරන්න ගියාම ජනාධිපතිතුමා තමුන්නාසෙලාගේ ආණ්ඩුව මොකක්ද කලේ? එතුමියව ආරක්ෂා කළා. මොකටද ආරක්ෂා කලේ?

හැමදාම උදේට ඇවිල්ලා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමාට අපහාස කරන්න. එතුමාට ගහන්න. එතුමාට බනින්න. පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්න. ඒ හැමදේකටම ජනාධිපතිතුමයි තමුන්නාසෙලයි එතුමියව ආරක්ෂා කරා.

ඒකට එතුමියව පාවිච්චි කලා. සමගි ජන බලවේගයට විරුද්ධව කුමන්ත්‍රණයක් කරන්න. එතුමියව පාවිච්චි කරා. තමුන්නාසේලා හැමදාම මේ පාර්ලිමේන්තුවේ එතුමියව උසි උසි කිව්වම එතුමිය ඒ පැත්තේ ඉඳගෙන මේ පැත්තට බුරනවා. සමහර වෙලාවට අපේ මන්ත්‍රීවරුන්ගේ ඇඟට කඩා පැන්නා හපා කන්න.

ඒ විදියට තමා තමුන්නාසේලා අර රූකඩයක් නටවනවා වගේ ඩයනා ගමගේ හිටපු මන්ත්‍රීතුමියව ජනාධිපතිතුමයි තමුන්නාසේලයි එතුමියව නැටෙව්වා….”

මෙහිදී මන්ත්‍රීවරයා ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සනාථ ලිඛිත කරුණු ද ගෙන දක්වමින් තව දුරටත් මෙසේ අදහස් දැක්වීය.

“රතු පාස්පෝට් මොකටද දුන්නේ? රතු පාස්පෝට් දුන්නේ අපිට ගහන්න. අපේ පක්ෂයට කුමන්ත්‍රණය කරන්න. නැතුව මේ ඩයනාට ආදරේ හින්දා නෙවෙයි. ඒවා දීලා වරප්‍රසාද දීලා නියෝජ්‍ය රාජ්‍ය ඇමතිකම් දීලා එතුමියව පාර්ලිමේන්තුවේ තියාගෙන හිටියා. එහෙම නම් තමුන්නාසේලාගේ ආණ්ඩුවත් මේකට වගකියන්න ඕනේ.

මේ පාර්ලිමේන්තුවේ විදේශීය කාන්තාවක් ඉන්නවා කියන එක හිටපු පාර්ලිමේන්තු මහලේකම්තුමා දන්නවා. එතුමා තමා මෙතුමියට පාස්පෝට් එක දෙන්න කියලා ඉල්ලීම කරලා තියෙන්නේ. ඒ ඉල්ලීමට තමා හිටපු පාලකවරයා පිළිතුරු ලියන්නේ මෙතුමියට පාස්පෝට් දෙන්න බැහැ. මෙතුමිය ලංකාවේ පුරවැසිභාවය අරගෙන නැහැ කියන එක. එතකොට කතානායක තුමත් දැනගෙන හිටියාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා.

තමුන්නාසේලා සියලු දෙනාම මෙතුමිය ආරක්ෂා කරා. මෙතුමිය පාවිච්චි කරා. මට නම් හිතෙන්නේ ඩයනාව තමුන්නාසේලා ඔක්කොම අවභාවිතා කරා. ඒ අවභාවිතා කරේ මොකටවත් නෙවේ සමගි ජන බලවේගයට ගහන්න….”

Continue Reading

පුවත්

ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

Published

on

By

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොණු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නීතිපතිවරයාට නියම කලේය..

ඒ බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved