පුවත්

අධිවේගයේ කේබල් කැපූ අයෙක් අල්ලයි

Published

on

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (15) අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වත්තල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් භාරදී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ වනවාසල, කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සොරකම් කරන ලද අඩි 14 ප්‍රමාණයේ තඹ කේබල් 2ක් සහ කේබල් කැපීමට යොදාගන්නා ලද උදැල්ලක් හා යකඩ කූරක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Trending

Exit mobile version