අධික වර්ෂාවත් සමග අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රියැදුරන්ට දැනුම් දෙනු ලැබේ.
අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා රියැදුරන් වෙත දැනුම් දෙන්නේ, වැසි පවතින අවස්ථාවල පැයට කිලෝමීටර 60 ක පමණ වේගසීමාවක් පවත්වා ගන්නා ලෙසය.