පුවත්

අනුර යාපනයට බස්වලින් සෙනඟ ඇද්දේ ඇයි?

Published

on

යාපනයේ පැවැති ජාතික ජනබලවේගයේ රැලිය සඳහා වෙනත් දිස්ත්‍රික්කවලින් ජනතාව රැගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා චෝදනා කරයි.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් සුමදිරන් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

යාපනයේදී ඊයේ (10) පැවති ජාතික ජනබලවේගයේ ජන රැලියට සහභාගී වීම සඳහා වෙනත් දිස්ත්‍රික්කවලින් දහස් ගණනින් සෙනඟ රැගෙන විත් ඇති බව එහි සඳහන්ය.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ අදාළ පිරිස යාපනයට කැඳවා ගෙන ඒමෙන් තොරව ඔවුන්ගේ දිස්ත්‍රික්කවලට ගොස් ජන හමු පැවැත්වීමට කටයුතු කළේ නම් ගමන් වියදම්ද ඉතිරි කරගත හැකිව තිබූ බවය.

Trending

Exit mobile version