පුවත්

අනුර ලබන මාසේ ඉන්දියාවට

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන දෙසැම්බර් මැද නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට සූදානම් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (18) අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැවැත්වීමටද නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Trending

Exit mobile version