පුවත්

අපේක්ෂකයින්ගේ ආදායම් වාර්තා ගැන කොමිසමෙන් නිවේදනයක්

Published

on

පසුගිය නොවැම්බර් මස 14 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයින්ට අදායම් වියදම් වාර්තා භාරදීමට තිබූ කාලය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ඒ, අනුව එදිනට අදායම් වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (09) නිවේදනයක් නිකුත් කර තිබේ.

එක් එක් දිස්ත්‍රික්කවලින් තරග කළ අපේක්ෂකයින් සංඛ්‍යාව සහ අදායම් වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයින් සංඛ්‍යාව එම නිවේදනය මඟින් දක්වා ඇති ආකාර දැකගත හැකියාව ඇත.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත අපේක්ෂකයින් 8,361ක් තරග කළ අතර ඉන් 7,412 දෙනෙකු අදාළ අදායම් වියදම් වාර්තා භාර දී ඇති බව එම කොමිසම සඳහන් කරයි.

මේ අතර, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් මැතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සියලුම දෙනාම ඔවුන්ගේ අදායම් වියදම් වාර්තා භාර දී තිබීම ද විශේෂත්වයකි.

Trending

Exit mobile version