Connect with us

පුවත්

අමරකීර්තිගේ ගුණ සැමරුමට පොහොට්ටු මන්ත්‍රීලා පැත්ත පලාතේ නොයති

Published

on

දෙවසරකට ඉහතදී නිට්ටඹුව නගරයේදී විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව මියගිය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා සිහිපත් කිරීම සඳහා ඊයේ (09) නිට්ටඹුව නගරයේ පැවැති උත්සව අවස්ථාවට පොදුජන එක්සත් පෙරමුණේ හෝ වෙනත් කිසිදු මහජන නියෝජිතයකු සහභාගී නොවී නොසිටි බව වාර්තා වේ.

පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන සිහිපත් කිරීම සඳහා මෙම ගුණ සමරුව සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට සහභාගි වූ පොදු ජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ සහ නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා මල් කළඹ තබා හිටපු මන්ත්‍රිවරයාට හා පොලිස් නිලධාරියාට උපහාර පුද කරනු ලැබීය.

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved