Connect with us

පුවත්

අලුත් බාර් පර්මිට් 37න් 16ක්ම දීල තියෙන්නේ ඇමති නලින්ගේ ආයතනයකට!

Published

on

මෙම වසරේ මුල් මාස හතරේ දී සුපිරි වෙළෙඳසල්වලට ලබා දී තිබෙන නව මත්පැන් බලපත්‍ර 37න් 16ක් ම දී ඇත්තේ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයට අයත් සතොස වෙළෙඳසල්වලට බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

ජනගහණ අනුපාතය අනුව අලුතින් මත්පැන්හල් 474ක් සඳහා බලපත්‍ර ලබා දිය හැකි වුව ද පසුගිය වසරේ දී අලුතින් නිකුත් කර ඇත්තේ රා. බී. වර්ගයේ මත්පැන් බලපත්‍ර 58ක් පමණක් බවත් ඇමැතිවරයා කීවේය.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රීක් මන්ත්‍රි ජයන්ත සමරවීර විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය වසරේදී නව මත්පැන් බලපත්‍ර දෙසිය දාහතරක් දී තිබෙන බව ද ඉන් 147 ක් ම ලබා දී තිබෙන්නේ සංචාරක කර්මාන්තය සඳහා යැයි ද කී ඇමැතිවරයා ඒ අනුව පසුගිය වසරේ ජනවාරි පළමුවැනිදා 5516 ක් වූ මත්පැන් හල් සංඛ්‍යාව මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා වන විට 5730 ක් දක්වා වැඩි වී තිබෙන බවත් කීවේය.

පසුගිය 2022 වසරට සාපේක්ෂව 2023 වන විට මත්පැන් පරිභෝජනය සියයට 19 කින් පහත වැටී ඇති බවත් එම කාලයේදී මත්පැන් නිෂ්පාදනය ද ලීටර් මිලියන 8.2 කින් අඩු වී ඇති බවත් සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා පහළ මධ්‍යම පන්තියේ සහ අඩු ආදායම් ලබන පන්තියේ ජනප්‍රියම මෙන්ම වැඩියෙන්ම අලෙවි වන බව කියන මිලි ලීටර් 180 කාලේ බෝතල් නිෂ්පාදනය 2023 වසරේ දී සියයට 14.5 කින් පහත වැටී තිබෙන බව ද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සඳහා මත්පැන් බලපත්‍ර දීමක් සිදුවී තිබෙන බවට ප්‍රසිද්ධ වී ඇති බැවින් එලෙස නව බලපත්‍ර දුන් මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛනය හෙළි කරන්නැයි මන්ත්‍රිවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ එවැනි දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැතැයි ද කියා සිටියේය.

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved