පුවත්

අම්පාර උසාවියේ තිබූ රන් භාණ්ඩ තොගයක් අතුරුදන්

Published

on



අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් භාණ්ඩ තොගයක් අස්ථාන ගත වීම පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධිකරණය මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

1998 වර්ෂයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රණ්භාන්ඩ තොගයක් එලෙස අස්ථානගත වී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.  

Trending

Exit mobile version