Connect with us

කලා

ගීත 7ක් ගායනා කිරීම වළක්වාලමින් සේනක බටගොඩ ට වාරණයක්

Published

on

ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (02) වාරණයක් නිකුත් කළේය.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර ඇත.

ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම්දී තිබේ.

ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබීය.

(අද දෙරණ)

කලා

ජගත් මනුවර්ණට වෙඩි වැදිලා!

Published

on

By

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ඔහුට සිදුව ඇත්තේ සුළු තුවාලයක් පමණක් බව වාර්තා වේ.

ක්‍රියාදාම දර්ශන රැසක් රැගත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව ඇත.

අනතුර සිදුවූ ඊයේ (28) දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබේ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත.

Continue Reading

කලා

ටික්ටොක් ඇමෙරිකාවේ තහනම් වන ලකුණු

Published

on

By

ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට ඉඩකඩ සැලසෙන පනත් කෙටුම්පතකට එරට සෙනෙට් මණ්ඩලයේ බහුතර අනුමැතිය හිමිව තිබේ.

ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18ක් පමණි.

මේ අනුව, ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට තමා සතු කොටස් විකිණීමට මාස 09ක් හිමිවනු ඇති අතර, එම කාලය තුළදී කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් වනු ඇත.

මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු මීට පෙර පවසා තිබුණේ එය තමාට එය ලැබුණු විගසම අත්සන් තබා නීතිගත කරන බවයි.

කෙසේවෙතත්, ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය යුතු වන අතර, චීනය පවසා ඇත්තේ මෙයට විරුද්ධ වන බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ මීට අදාල සමස්ථ ක්‍රියාවලියට වසර කිහිපයක්ම ගතවිය හැකි බවයි. 

Continue Reading

කලා

Ambiguous – බිත්තියක් ඕනෑකර තිබේ

Published

on

By

කොළඹ චින්තන මණ්ඩලය හා එක්ව රාජිත රූපසිංහ විසින් ඉදිරිපත් කරනු ලබන “Ambiguous: A Painfully Honest Depiction of the Story of Our Lives”  ප්‍රදර්ශනය 2024 අප්‍රේල් මස 28 වන දින සවස 3.00 සිට 5.00 දක්වා කොළඹ 7 ජාතික කලාභවන ඉදිරිපිට දී පැවැත්වේ.

කලා කෘතිවල අවකාශීය කාරණය, අවකාශය මිලට ගැනීමේ හැකියාව සහ කලා කෘති පිටුපස ඇති නොකියූ පසුබිම් කථා සහ ධාවකයන් පිළිබඳව  අලුත් කියවීමකට ගෙන යෑම ප්‍රදර්ශනයේ අරමුණයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාඥයකු ලෙස පුහුණුව ලබා ඇති රාජිත ‍රූපසිංහ  ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහුගේ මෙම පශ්චාත් නූතන අවකාශීය නිමැවුම් ප්‍රදර්ශනය ඔස්සේ නව කලාත්මක කතිකාවතකට මඟ පාදනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved