Connect with us

පුවත්

අලි සබ්‍රි සවුදියට!

Published

on

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයක් මත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 23 වැනිදා සිට 27 වැනිදා දක්වා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය නිකුත් කර ඇත.

එම සංචාරයේදී සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද පැවසේ.

එහිදී දෙරට අතර ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට අවධානය යොමු කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එසේම ඉස්ලාමීය සංවර්ධන බැංකවේ, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මුණ ගැසීමට නියමිත බවද එම නිවේදනයේ දැක්වේ.

පුවත්

දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියා රක්ෂිත බන්ධනාගාරයට

Published

on

By

ඊයේ  (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන් ය.

එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබේ.

මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ වයස අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු 2 ක කුඩා පිරිමි ළමයෙකි.

මේ පිළිබඳ ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර,

පැයකට ආසන්න  කාලයකින්  පසුව දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දරුවන්ගේ පියා මැයි 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුවූ අතර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

උතුරුමැද පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්

Published

on

By

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරතවූහ.

ඔවුන් විසින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය  පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණය පවත්වාගෙන ගොස් තිබේ.

මෙහිදී මැදිහත් වූ පොලීසිය විසින් උද්ඝෝෂණයේ  නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු  22ක් අත් අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමස්ත ලංකා  ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ හිටපු කැඳවුම්කරු  ධම්මික මුණසිංහ මහතා ඇතුළු පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තා සාමාජිකාවන් 11 කි.

උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස ප්‍රශ්න කර සිටියේ,

පොළොන්නරුව වැලිකන්ද වැනි දුෂ්කර ප්‍රදේශවල සිට කුඩා ළමයින් සමග කුස ගින්නේ පිරිස් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්, උතුරු මැද පළාතේ ඇති පුරප්පාඩු වලටත් වඩා අඩු, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පලාත තුල සිටින බැවින් ඔවුන්ට රැකියා ලබා දීමට ක්‍රියා නොකරන්නේ ඇයි? ද යන්නයි.

Continue Reading

පුවත්

On Arrival වීසා ගැටලුව ගැන ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

Published

on

By

On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන්  ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තිබේ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,

නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ දී පසුගිය නොවැම්බර් 23 වන දින විවාදයකින් තොරව ඒකමතිකව  සම්මත වූ බවය.

වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසු අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත්  ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව ද පැවසීය.

ETA ක්‍රමවේදයේ තිබූ දෝෂ හේතුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ බවත් පැවසු අමාත්‍යවරයා,

“ඩොලර් 75 එක ගැන විතරයි ඔය කතාව ගියේ. ඩොලර් 75 කියන්නේ මාස 6ක වීසා එකක්. double entry Visa එකක්. හැබැයි එතැනදි පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් වුණා. අපි දවස් 30 වීසා එක ඩොලර් 50ට තිබුණා. අපි මේක පාස් කරපු වෙලාවේ ඒක සිස්ටම් එකට දාන්න බැරි වුණා. ආපහු පාර්ලිමේන්තුවට යන්න වුණා ඒ නිසා. අපිට ගැසට් එකක් ගහන්න බෑ පාර්ලිමේන්තුවට යන්නේ නැතුව. මම රට යන්න කලින් රෙසිඩන්ඩ් වීසා එකක් එක්ක 50 එක පාස් කරලා ගියේ. ඒක සිස්ටම් එකට වැටෙනවා හෙට ඉඳලා. single entry visa එක දවස් 30ක ඩොලර් 50යි.”

“VFS සම්බන්ධයෙන් අපිට යෝජනාවක් එවලා තිබුණා. රට යන අය සියලුදෙනා දන්නවා VFS කියන්නේ මොකද්ද කියලා. රජයන් 67 රටවල් 151ක මධ්‍යස්ථාන 3,300ක විතර පාවිච්චි කරන කම්පැනි එකක්. ඒ සේවාව එක්ක තරග කරන්න කවුරුත් නෑ. ලෝකේ නම්බර් වන් එයාලා. ලෝකයේ හැම රටම පාවිච්චි කරන්නේ VFS. එක චෝදනාවක් තිබුණා ඉන්දියානු කම්පැනියක්. ඉන්දියන්කාරයෝ ඇවිත් අතන වාඩිවෙලා ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්දියානු කම්පැනියක් නෙමෙයි. black stone තමයි මේජර් ෂෙයාහෝල්ඩර්. VFS එකෙන් නිවේදනයක් අද නිකුත් කරයි එයාලා කවුද සහ ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියලා. මැයි 1 ප්‍රශ්නය පටන් ගත්තේ. එදා කවුන්ටර්වල හිටියේ ඉන්දියන් අය නෙමෙයි ලාංකිකයින්. මගේ ළඟ නම් ලැයිස්තුව තියෙනවා. 13 දෙනෙක් ලංකාවේ අය. අර කෑ ගහපු එක්කෙනා කියනවා මේ ඉන්දියන්කාරයෝ කියලා. අනික VFS එකට වීසා නිකුත් කරන්නත් බෑ. රිජෙක්ට් කරන්නත් බෑ. ආගමන විගමන කාර්යාලයෙන් තමා ඒක කරන්නේ. VFS එක කරන්නේ ඩොකියුමන්ට් චෙක් කරන එක විතරයි. “

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved