පුවත්

අලුත් ආණ්ඩුවේ මංගල කැබිනට් රැස්වීම අද

Published

on

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත්ය.

මේ අතර නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද පැවසේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් පත් නොකරණ බව පවසන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, නියෝජ්‍ය අමාත්‍යවරුන් 26-28 අතර ප්‍රමාණයක් පත්කරනු ඇතැයි ඉඟි කර තිබේ.

Trending

Exit mobile version