ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවත් නව රජයේ ආර්ථික ප්‍රත්පත්තිය සහ IMF සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද (20) අනුරාධපුරයට පැමිණ ශ්‍රී මහබෝධින් වහන්සේ සහ රුවන්වැලිසෑය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැහැදිලි ජනමතයක් ලැබි තිබෙන බව පෙන්වා දී ඇති බවත්, කුමන පුද්ගලයා මෙරට පාලනය කළද අවසානයේ සිදුවිය යුත්තේ රට සංවර්ධනය කරා රැගෙන යාම පමණක් බවය.