පුවත්

ඇමැති බංගලා ඉල්ලා තානාපති කාර්යාල පෝලිමේ

Published

on

ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේම විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහාද ඇමැති බංගලා ඉල්ලා තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

දැනට ඇමැති බංගලා ඉල්ලීම් කර අැති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 20කට ආසන්නය.

මේ සම්බන්ධයෙන්  අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතා පවසා තිබුණේ මෙම ඇමැති බංගලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බවය.

මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර සිටියේය.

මූලාශ්‍රය – ලංකාදීප

Trending

Exit mobile version