Connect with us

පුවත්

ඇමෙරිකානු සෙනෙට් සභිකයෙක් මෙරටට

Published

on

ඇමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ පිළිබඳව X (ට්විටර්) සටහනක් එක්කරමින් මෙරට සිටින ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන් මිතුරෙකු හා දෙරට අතර බැඳීම ශක්තිමත් කිරීමට ඉතා වෙහෙස වූ වෑන් හොලන් මහතා පිළිගැනීමට ලැබීම ගෞරවයක් කොට සලකන බවයි.

මේ සතියේදී තමා හා වෑන් හොලන් මහතා විසින් ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව මෙන්ම වැඩිදියුණු කළ හවුල්කාරිත්වය සඳහා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන් ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ කැපවීම වර්ධනය කරන බවත් ඇය පවසයි.

වෑන් හොලන් මහතා ගේ පියා වන ක්‍රිස් වෑන් හොලන් (ජ්‍යෙෂ්ඨ) මහතා 1972 – 1976 දක්වා ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

පුවත්

කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බැහැ

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ස්ථිරව ඉවත් කළ නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා ඇති විදේශ ගමන් තහනම ස්ථිර වශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව පැවැසුවේය.

සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නේ නම් කෙටි කාලීනව අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ හැකි බව මෝසම විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට විරුද්ධව තීනියාවල පාලිත හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබිණ.

ගිවිසුම්ගත ඩෙලවෙයාර් ලිමිටඩ් ලයබිලිටි සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් මූල්‍ය මණ්ඩලයේ අවසරය පමණක් ගෙන තෙවැනි පාර්ශ්වයකට ගෙවීම සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එහිදී චෝදනා එල්ල විය.

(ලංකාදීප )

Continue Reading

පුවත්

පාසලක් නැතිකමින් රත්නපුර සිට හැටන් යන සිසුන්

Published

on

By

දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ කරන සිසුන් සඳහා රත්නපුර ප්‍රදේශයේ  සුදුසුකම් සහිත පාසලක් නොමැති වීමෙන් සිසුන්ට හැටන් ප්‍රදේශයේ  පාසල් වලට යාමට සිදුවී ඇතැයි පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසින් පාර්ලිමේන්තුවේදී පවසන ලදී.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, රත්නපුර සහ බලංගොඩ යන නගර දෙකේම දෙමළ මාධ්‍ය සිසුන් මේ හේතුව නිසා දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවය.

අවම වශයෙන් රත්නපුර සහ බලංගොඩ දෙමළ මාධ්‍ය පාසල් සඳහා පුරප්පාඩු  ගුරුවරුන් ලබාදිය යුතුව තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ,  අදාල ගැටලුව සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාට යොමු කර සති දෙකක්  ඇතුලත තොරතුරු ලබාගන්නා බවය.

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සිදු කරමින් සිටින අතර ඒ අනුව දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු ඉදිරියේදී පිරවීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම නව පාසලක් අවශ්‍ය නම් ඒ සඳහාද යෝජනා ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පවසන ලදී.

Continue Reading

පුවත්

රටේ ණය බර අඩුකරන හැටි සබ්රි කියයි

Published

on

By

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරත් කියා සිටියේ, සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙම අදහස් පළකළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතු ද ඉදිරියට කරගෙන යා හැකි බවයි අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් සියලු ජාතීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහන රැසක් හිමි වෙමින් තිබෙන බවය.

චීනය මෙන්ම ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට දෙරටේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කර ඇති බවද අලි සබ්රි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

වැඩදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා,

“ශ්‍රී ලංකාව රටක් ලෙස නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමින් සියලු ජාතීන් සමඟ සුහදව ගනුදෙනු කරනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයද ආරක්ෂා කර ගනිමින් සෑම රටක් සමඟ ම ගනුදෙනු කිරීම නිසා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත පහසු වූ බව සඳහන් කළ යුතුයි. චීනය, ජපානය ,ඉන්දියාව හා පැරිස් සමාජය ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා විශාල සහයක් ලබාදුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකියි.

ඒ වගේම චීනය සහ ඉන්දියාව සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට අපට හැකි වුණා. චීනය සමඟ අවබෝධතා ගිවිසුම් නවයක් මේ වනවිට අත්සන් කර තිබෙනවා. ඉන්දියාවේ ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹී සිටිනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ආයෝජනය කිරීමට අදානී සමාගම ඉදිරිපත්ව තිබෙනවා. සෞදි අරාබියද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් ඉන්ධන මත රැඳී තිබුණු ආර්ථිකයෙන් මිදී අනෙක් රටවල්වල ආයෝජන අවස්ථා ඇති කර ගනිමින් ඔවුන්ගේ රටවල ආර්ථිකය තවදුරටත් සංවර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අප කටයුතු කරනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය ජාත්‍යන්තර නීති රීති හා එකඟතාවලට අනුකූලව විදේශ රටවල් සමඟ සබඳතා පවත්වන නිසා ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය පිළිබඳ ජාත්‍යන්තරයට ගැටලුවක් වුණේ නැහැ. ඉරානය ලබා දුන් උමා ඔය ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් 120 විදුලි ධාරිතාවක් ලබන මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු වෙනවා. ලබන මාසයේ විදුලි බිල සංශෝධනය වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා.

ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට නම් වීසා ගාස්තු පිළිබඳ අවධානය යොමු නොකළ යුතුයි. රටවල් පනහකට පමණ නොමිලේ වීසා ලබාදීමට අවශ්‍යව තිබෙනවා. එමඟින් සංචාරක කර්මාන්තය තව දුරටත් නගා සිටුවිය හැකියි.

පසුගිය සතියේ ජපාන විදේශ අමාත්‍යවරිය මෙරටට පැමිණියා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් ජපානයේ සහාය ලබාදෙන බව ඇය ප්‍රකාශ කළා.ජපානයේ සහාය ඇතිව ආරම්භ කර මේ වන විට නවතා ඇති ව්‍යාපෘති යළි ඇරඹීමටද ජපානය එකඟතාව පළකර තිබෙනවා.

ඒ වගේම මියන්මාරයේ ජාවාරම්කරුන් භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරමින් තිබෙනවා. තවද රුසියාව- යුක්‍රේන යුද්ධය ආශ්‍රිත කුලී හමුදාවන්ට යවා ඇති අපගේ තරුණ පිරිස් බේරා ගැනීමටද රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. රුසියාවේ ආරක්ෂක අංශ සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved