ගතවූ වසර දෙකක කාලසීමාව ඇතුලත ඉංජිනේරුවන් රට හැරයාම තුන්ගුණයකින් පමණ ඉහල ගොස් ඇති බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පෙන්වා දෙයි.
එම සංගමයේ හිටපු සහකාර ලේකම් වරලත් ඉංජිනේරු දමිත් දිසානායක සඳහන් කළේ, දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව 2023 වසරේදී ඉංජිනේරුවරුන් පන්දහසක් (5000) පමණ රට හැර ගොස් ඇති බවය.
පසුගිය කාලයේදී මෙරට අතහැර වෙනත් රටවල රැකියා සඳහා ගිය සමස්ත වෘත්තිකයින් අතරින් සියයට හතළිහක් (40%) පමණ ඉංජිනේරුවරු බවද පැවසේ.
එමෙන්ම ඔහු සඳහන් කළේ, මේ වන විට ඉංජිනේරු ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයින් වෙත ලබාදෙන වැටුප ඉතාමත් අවම මට්ටමක පවතින බැවින් මෙහි නිරත පිරිස රටහැර යාම ඉහළගොස් ඇති බවයි.
මේ මොහොතේ හෝ වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගතහොත් ක්ෂේත්‍රයේ නිරත ඉතිරි පිරිසද රට හැරයාම වළක්වාගත නොහැකි බව වරලත් ඉංජිනේරු දමිත් දිසානායක මහතා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.