පුවත්

ඉන්දියාවේ කොරෝනා දරුණු වෙයි; දිනක ආසාදිතයෝ තුන්දහස පන්නයි

Published

on

සති  කිහිපයක් පුරා හිස ඔසවමින් ඇති ඉන්දියාවේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය වඩාත් දරුණු අතට හැරෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (30) උදෑසන වන විට ගත වූ පැය 24 ඇතුළත එරට දෛනික කොවිඩ් ආසාදිතයන් 3,016ක් හඳුනා ගෙන ඇති අතර, එය මාස 6කට පසු ඉන්දියාවෙන් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව බව පැවසේ.

කොවිඩ් ආසාදිතයන් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟ එරට දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනය 50% කින් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

පවතින තත්ත්වයේ බරපතළ ස්වභාවය සැලකිල්ලට ගෙන කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී ඇති ප්‍රාන්ත රැසක මහඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හදිසි සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version