මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සමඟ ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු ඊයේ (06) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරු මැද සහ උතුරු නාවික විධානයන්ට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා හා වෙරළබඩ මුර යාත්‍රා යොදවා මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ හා කන්කසන්තුරය කෝවිලන් මුහුදු ප්‍රදේශයේ මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇත.
එහිදී මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයින් 08 දෙනෙකු හා කන්කසන්තුරය කෝවිලන් මුහුදු ප්‍රදේශයේ ධීවර යාත්‍රා 03ක් සමඟ ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා හා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
අදාළ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දී ඇත.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 196 දෙනෙකු හා යාත්‍රා 31ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
(මුලාශ්‍රය – Navy.lk)