පුවත්

ඉසුරුපායේදී අත්අඩංගුවට ගත් කෙනා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්?

Published

on



සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති විරෝධතාවේදී කලහකාරී ලෙස පිහියක් තබාගෙන පොලිස් නිලධාරීන්ට තුවාල කළ පසු අත්අඩංගුවට ගත් පුද්ගලයා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු බව පොලිස් ආරංචි මාර්ග පදනම් කරගනිමින් අයිලන්ඩ් පුවත්පත වාර්තා කර තිබේ.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දෙසැම්බර් 02 වැනිදා පැවති විරෝධතාවකදී කලහකාරී ලෙස හැසිරුණු එම පුද්ගලයා විරෝධතාකරුවන් විසින්ම පොලීසියට භාරදුන් අතර එම පුද්ගලයා හමුදා බුද්ධි අංශවල බවට පසුව හඳුනාගත් බව එම වාර්තාවේ සඳහන්ය.

එම ස්ථානයට යොමු කරන ලද පොලිස් නිලධාරීන්ට තුවාල කරමින්, ඔහු එහිදී හැසිරී තිබේ.

එමගින් උප පොලිස් ප්‍රරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි.

Trending

Exit mobile version