මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇති බව යුද හමුදාව පවසයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මෙම උණ රෝගී තත්ත්වය වැලඳී ඇති බවය.
උණ රෝගයට ගොදුරු වු සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් එක් සෙබළෙකු ඓඪ්H රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.
කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500කට ආසන්න ප්‍රමාණයක් කඳවුර තුළම නිරෝධායනය කිරීමට අවශය පියවර ගෙන ඇති බව මන්නාරම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පසුගිය 11වනදා සිට උණ රෝගය පැතිරී යාම සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.