Connect with us

පුවත්

“උ/පෙළ නිසා ජනවාරියේ විදුලියදී කපන්නත් වැඩි කරන්නත් බෑ” (වීඩියෝ)

Published

on

ලබන වසරේ ජනවාරි 23දා සිට උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ පැවැත්වෙන බැවින් විදුලිබිල 2023 ජනවාරි මාසයේදී වැඩි කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවත් එම විභාග කාලසීමාවේදී විදුලිය කප්පාදු කිරීමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමිනි.

ඒ අනුව මෙම කරුණ අමාත්‍ය මණ්ඩලයට හා විදුලි බල අමාත්‍යංශයට යොමුකිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

මං ගරු කරන්නෙ පනතට ; ඇමතිට නෙමෙයි

මේ අතර, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පස්වරුවේදී පවසා තිබුණේ විදුලි ගාස්තු ඉහල දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද එම තීරණය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම බැඳී නොමැති බවත් ය.

තමා ගරු කරන්නේ අමාත්‍යවරයාට නොව පනතට බවද ඔහු මෙහිදී පැවසීය.
“මගේ කිසිම ගැටුමක් නෑත මෙතන තියෙන්නේ මත ගැටුවක් වගේ එකක්. ඇමතිතුමා කියලා තියෙනවා මම පරණ යාලුවෙක් කියලා. ඒ යාලුකම තියෙනවා. මම ඇමතිතුමාට ගරු කරන්නේ නෑ. මම ගරු කරන්නේ පනතට. ඇමතිතුමා කියන කථා වැදගත් නෑ. මමත් මට ඕන දේ කියනවා. දිනය අවසානයේ හරි දේ සිදුවිය යුතුයි කියා මම හිතනවා.”

(වීඩියෝ : නිවුස්ෆස්ට්)

පුවත්

දමිතා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරයි

Published

on

By

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 24 වනදා ඇප මත මුදාහැර තිබුණි.

කෙසේවෙතත් තමාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයෙන් දේශපාලනයට පිවිසීම තමාට අකටයුතුකම් සිදුවීමට හේතුවී ඇති බවය.

Continue Reading

පුවත්

පිරමිඩ ජාවාරම් කළ තවත් ආයතන 4ක් මහ බැංකුව තහනම් කරයි

Published

on

By

නීතිවිරෝධී අන්දමින් මහා පරිමාණ පිරමීඩ ජාවාරම් සිදුකරමින් ජනතාවගේ රුපියල් කෝටි ගණනක තැන්පතු ලබාගත් ආයතන 4ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (2 වැනිදා) දැනුම් දුන්නේය.

එලෙස තහනම් කරන ලද ආයතන හරහා පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, කළමනාකරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දන්වා සිටියේය.

Beecoin App/ Sunbird Foundation, Fast win (Pvt) Ltd, Fruugo online App/ Fruugo online (Pvt) Ltd, Genesis Business School/ Era Miracle (Pvt) Ltd යන ආයතන 4 සම්බන්ධ‍යන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

නීතිවිරෝධී පිරමීඩ ජාවාරම්වල නිරත වූ ආයතන රැසක් මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

Continue Reading

පුවත්

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

මෙරට විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 79 වියේ පසු විය.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබුණි.

ඊට අමතරව ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකුද විය.

මීට අමතරව, ද සිල්වා මහතා මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved