Connect with us

පුවත්

එජාප ආසන සංවිධායකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට ඇරඹේ

Published

on

එක්සත් ජාතික පක්ෂය 2023 වසර සඳහා ආසන සංවිධායකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

එජාප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වනවිට අයදුම්පත් දහස් ගණනක් ලැබී ඇති බවත් එම පිරිස අතර බහුතරයක් වෘත්තිකයන් ද වේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සුදුස්සන් තෝරා ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසන්නේ විනයගරුක පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන්, දිස්ත්‍රික් කළමනාකරුවන් සහ ආසන කළමනාකරුවන් පත්කර ගැනීමේදී උගත් බුද්ධිමත් තරුණ පිරිස වෙත වැඩි අවධානයක් ලබාදෙන ලෙස පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම්වරයා මෙසේද පැවසීය :

” එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක, දිස්ත්‍රික් කළමනාකරු, ආසන කළමනාකරු යන ධූර සඳහා අයදුම්පත්‍ර දහසකට වඩා ලැබී තිබෙනවා. ,ඒ සියලු අයදුම්පත්‍ර සලකා බැලීම සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 8 කින් සමන්විත සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ආසන සංවිධායක වරුන්, දිස්ත්‍රික් කළමනාකරුවන්, ආසන කළමනාකරුවන් බඳවා ගැනීම යුහුසුළු කිරීමට කටයුතු කරනවා.”

“ඊට අමතරව තවත් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අය ඉන්නවා නම් දෙසම්බර්මාසය තුළ එම අයදුම්පත්‍ර යොමුකිරීමට අවස්ථාව තිබෙනවා.”

පුවත්

මහ බැංකු අධිපති හා අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

Published

on

By

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.

අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) මෙම හමුව සිදුව ඇති බව සඳහන්ය.

X සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවය.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය දක්වන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් මහතා වෙත දැනුම් දුන් බව ජුලී චන්ග් මහත්මිය විසින් වැඩිදුරටත් පවසන ලදී.

Continue Reading

ක්‍රීඩා

T20  යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදක්වයි

Published

on

By

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීම ඊයේ (10) රාත්‍රියේ සිදු කෙරිණි.

ඒ සඳහා මෙවර අනුග්‍රාහකත්වය ලබා දුන්නේ Moose Clothing  ආයතනයයි. එම සමාගමේ ජැඇළ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීමේ උත්සවය පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්, මූස් ආයතන නිලධාරීන්, කලාකරුවන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වය සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ඇතුළු මෙරට උරුමයන් රැසක් ඉස්මතු වන අයුරින් මෙම ජර්සිය නිර්මාණය කර ඇත. මෙරට ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු නවයේ පාලම හෙවත් ‘Nine Arches Bridge’, හබරන ‘අලි එකතුව’, සඳකඩ පහණ, ජාතික කොඩියට අන්තර්ගත සිංහරුව ආදී සංකේත රැසක් ඊට අන්තර්ගත කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ඩී කාණ්ඩයෙන් තරග කරයි.

ඔවුන් සහභාගී වන  පළමු තරගය ලබන මස 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතයි.

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොලිය ඉහළට?

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ තැන්පතු සඳහා පිරි­න­මන පොලී අනු­පාත ඉහළ දැමීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු ක්‍රම­වේ­දය ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තාවක් තමාට දෙන ලෙස  ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහ­තාට උප­දෙස් දී තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණු ඉල්ලීම සහ උප­දෙස් සලකා බලා ඉතා ඉක්ම­නින්ම ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොලී අනු­පාත ඉහළ දැමීම සඳහා ක්‍රම­වේ­ද­යක් ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගන්නා බවයි මුදල් රාජ්‍ය ඇමැ­ති­ව­රයා විසින් පවසන ලදී.

ආර්ථික අර්බුද පැන­නැ­ඟී­මට පෙර  වයස අවු­රුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ බැංකු සහ මූල්‍ය ආය­තන ගිණුම් සඳහා වාර්ෂි­කව 15% නොඉ­ක්මවූ පොලී ප්‍රති­ශත පිරි­නමා තිබු­ණත් මේ වන විට එම පොලී ප්‍රති­ශත තනි ඉල­ක්කමේ ප්‍රති­ශත බවට පත්වී ඇත.

මේ තත්ත්වය නිසා එම පොලී ආදා­ය­මෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන් අප­හ­සු­තා­වන්ට පත්ව ඇති බව සඳ­හන් කර­මින් තමාද දැනු­වත් කර ඇතැයි රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

ඊට අම­ත­රව ඔවුන් මේ සම්බ­න්ධ­යෙන් වරින් වර ජනා­ධි­ප­ති­ව­ර­යාද දැනු­වත් කර තිබේ.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ජනා­ධි­ප­ති­ව­රයා මේ කරුණ පිළි­බඳ සාව­ධා­නව සහ සානු­ක­ම්පි­තව සලකා බලා ඉදිරි ක්‍රියා­මාර්ග ගැනී­මට සවි­ස්තර වාර්තා­වක් දෙන්නැයි ඉල්ලා සිටි බවද සිය­ඹ­ලා­පි­ටිය මහතා පැවැ­සීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved