පුවත්

එඬරු ඇට කෑ සිසුන් 8ක් රෝහලේ

Published

on

එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාද්මිකතාවක් හේතුවෙන් පාසල් ළමුන් 8 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (28) දහවල් මන්නාරම – තච්චනාමරදමඩු ප්‍රදේශයේදී මෙම ළමුන් එඬරු ඇට ආහාරයට ගෙන ඇති බවය.

මේ අතර, අවුරුදු 9 ක් වයසැති පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් 7 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

මෙම පිරිස මඩු ප්‍රදේශයේ දරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Trending

Exit mobile version