පුවත්

ඖෂධ වංචාවට හිටපු ඇමති කෙහෙළියගේ සෘජු සම්බන්ධය COPE හිදී හෙළිවේ (වීඩියෝ )

Published

on

2022 වසරේ ඔක්තෝම්බර් මස මෙරට ඖෂධ හිඟයක් ඇති බවට කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට උපදෙස් දී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

ඖෂධ ශුන්‍ය බවට දක්වමින් හදිසි මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ගැනීමට හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අදාළ කැබිනට් පත්‍රය යොමුකර තිබුණේ 2022 වසරේ ඔක්තෝම්බර් 25 වැනි දිනයේය.

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ වාචික උපදෙස් මත හිටපු ලේකම්වරයා එම කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට අමාත්‍යාංශයේ ඖෂධ නියාමන අංශයේ අතිරේක ලේකම්වරයාට පවරා තිබේ.

අදාළ කැබිනට් පත්‍රිකාව සකස් වී ඇත්තේ එලෙසිනි.

ඖෂධ මිලදී ගැනීම සඳහා වන සැපයුම්කරු  නම් කර ඇත්තේ ද හිටපු ඇමතිවරයා විසිනි.

ඇමතිවරයාගේ උපදෙස් මත අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කරන අලද බව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කෝප් කමිටුවේදී පිළිගන්නා ලදී.

වීඩියෝ  – VOICE TUBE

Trending

Exit mobile version