නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කංචන විජේසේකරගේ නම යෝජනා වු බව එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (19) නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කොළඹ මල්පාරේ කාර්යාලයේ පැවැති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
එහිදී ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ සිය කැමැතෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අවශ්‍ය නොමැති බව කියා සිටි අතර එහිදී යෝජනා වී තිබුණේ තරුණ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව සඳහා යායුතු බවය.
එම අවස්ථාවේදී තරුණ බහුතරයක් පවසා සිටියේ කංචන විජේසේකරගේ නම බව නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.