කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දේව මංගල්‍යය අද (14) ආරම්භ වේ.
උත්සවය අද (14) හා හෙට (15) දෙදින පුරා පැවැත්වෙනු ඇත.
ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු නිසි පරිදි සූදානම් කර තිබෙන බව නාවික හමුදාව සඳහන් කරයි.
දූපත තුළ සහ වෙරළ තීරයේ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත කැමරා පද්ධතියක් ද ස්ථාපනය කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
යාපනයට නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ පැවැත්වෙන මෙම මංගල්‍යය වසර 100ට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන අතර මෙම දූපත මෙරට දූපත් සමූහයේ ලංකාවට දුරින්ම හා ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති දූපත ලෙස ද නම් කෙරේ.