පුවත්

කතානායකට විශ්වාසභංගයක් 

Published

on

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වන බවට ආරංචියක් පැතිර තිබේ.

මේ සඳහා විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ එකඟ වී ඇතැයි ද එම ආරංචි මාර්ග  වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද (08) ස්ථිර  තීරණයකට එළඹීමට නියමිත බවද පැවසේ.

කතානායකවරයා ලබාගෙන ඇතැයි පැවසෙන යම් යම් පහසුකම් සම්බන්ධයෙන් කොළඹදී ඊයේ (07) පැවැති සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදීද ඇතැම් මන්ත්‍රීවරුන් විවේචනාත්මකව කතා කර ඇතැයි ද වාර්තා වේ.

තමන්ට හිමි  පහසුකම් වලට අමතරව වෙනත්  පහසුකම්ලබාගැනීම, ධූරයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ ආණ්ඩු පක්ෂයට වැඩි පක්ෂග්‍රාහීත්වයෙන් කටයුතු කිරීම යනාදී චෝදනා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණු ඇතැයි දැනගන්නට ඇත.

දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්  ගණනාවක් පසුගිය කාලයේදී මැතිසභයේදීද කතානායකවරයා දැඩි ලෙස විවේචනය කරනු දැක ගත හැකිවිය.
සබැඳි පුවත්

Trending

Exit mobile version