Connect with us

පුවත්

මර්වින් සමාජ මාධ්‍ය වළලන්න බොරැල්ල කනත්තට යයි

Published

on

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක්  මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ.

සමාජ මාධ්‍යයේ මරණය භූමිදානය කිරීම යනුවෙන් පවසමින් විරෝධතාවය පැවැත්විණි.

හිටපු අමාත්‍යවරයාව ප්‍රමුඛ පිරිස කනත්තට ඇතුළු වන අවස්ථාවේදී කනත්තේ ආරක්ෂක නිලධාරීන් ඊට එරෙහිව සිය විරෝධය දැක්වූ අතර එහිදී තරමක උණුසුම් තත්ත්වයක් ඇති විය.

නමුත් හිටපු අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස එම විරෝධතාවය නොතකා කනත්තට ඇතුළු වි සිය විරෝධතාවය පැවැත්වූහ.

ක්‍රීඩා

හරීන්ගේ ගැසට් ජංජාලය ක්‍රීඩා පිටිය අවුල් ජාලයක් කරයි

Published

on

By

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වරින් වර නිකුත් කරන ලද සියලුම ගැසට් පත්‍ර අවලංගු වන ලෙස අලුතින් නිකුත් කළ ගැසට් පත්‍රය මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබේ. 

මේ අනුව විශේෂයෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් බලය අත් නොහැර දිගින් දිගටම ක්‍රීඩා සංගම් ප්‍රධාන නිලතල අරක් ගෙන සිටින නිලධාරීන්ට එසේ බලයේ සිටීමට නොහැකි වන ලෙස පනවා තිබූ නීති සියල්ල අහෝසි වී තිබීම විශේෂයෙන් කැපී පෙනේ. 

 නව ගැසට් පත්‍රය අනුව රොෂාන් රණසිංහ මහතා විසින් ප්‍රධාන නිලතල දරන නිලධාරීන්ට දෙවසරක කාල සීමාවන් දෙකකට පසු නැවත එක් වාරයකට එනම් වසර හතරකට පමණක් පනවා තිබූ කාල සීමාව වසර හතරක කාල සීමා දෙකකට එනම් වසර අටක් දක්වා දීර්ඝ කර තිබීම ක්‍රීඩා ක්ෂෙත්‍රයේ බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී තිබේ.

මේ අනුව බොහෝ ක්‍රීඩා සංගම් වල එලවා ගත නොහැකි අන්දමින් ඒවායේ චන්ද බලය අල්ලාගෙන සිටින කූඩැල්ලන් බඳු නිලධාරීන්ට වසර අටක් දක්වා බලයේ රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇත. 

 මීට අමතරව දේශපාලනඥයකුට කිසිදු ක්‍රීඩා සංගමයක නිලයක් දැරිය නොහැකි බවට පනවා ඇති නව නියෝගය මතු දිනක මානව හිමිකම් කඩ වීම ගැන උසාවි යන තත්ත්වයකට යොමු වනු ඇතැයි වාර්තාවේ. 

 මීට පෙර මෙවැනිම දේශපාලනඥයන්ට තරග වැදිය නොහැකි ලෙස පනවන ලද නියෝගයකට එරෙහිව අර්ජුන රණතුංග මහතා මානව හිමිකම් නඩුවක් පවරා ඉන් ජයගත්තේය.

 රොෂාන් රණසිංහ මහතා විසින් පනවන ලද අවුරුදු 70 ට වැඩි අයකුට නිලතල වලට තරග වැදිය නොහැකි නීතියද හරින් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් මීට පෙර ඉවත් කරන ලදී.

Continue Reading

පුවත්

රේගුවේ හිරවුන ලක්ෂ 15ක දුම්වැටි

Published

on

By

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

එහි වටිනාකම රුපියල් ලක්ෂ 15 කි.  මෙයින් පළමු වැටලීම ඕමානයේ මස්කට් නුවර සිට  ගුවන් තොටුපොළ වෙත පැමිණි කුරුවිට , පරකඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත පුද්ගලයෙකි .

ඔහු සිය ගමන් මලු වල රුපියල් අට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 8,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 43 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

ඊට අමතරව කොළඹ – 14 , නාගලගම් වීදියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ඩුබායි සිට පැමිණ තිබූ අතර , ඔහුගේ ගමන් මලු  අතපසු වී  ගුවන් තොටුපොළ තුළ දමා ගොස් තිබුණි .

ඔහු එම ගමන් මලු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , රැගෙන යමින් සිටියදී , ඒවා තුළ සගවා ගෙන තිබූ රුපියල් හය ලක්ෂ හතලිස් දහසක් වටිනා  විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 32 සොයා ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි .

(ලංකාදීප )

Continue Reading

පුවත්

අපනයන ආදායමේ සැළකිය යුතු පහළ යෑමක්

Published

on

By

පසුගිය වසරේ  (2023)  ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11911 වශයෙන් සටහන් වේ. එය පෙර වසරට (2022) සාපේක්ෂව 9.1%ක පහළ යාමක් බව මහ බැංකුව පෙන්වා දෙයි.

මෙලෙස අපනයන ආදායම පහළ යෑමට ප්‍රධාන හේතුව වූයේ මෙරට තනි අපනයන භාණ්ඩය වන රෙදිපිළි හා ඇඟලුම් ආදායමේ පහල යාම බවද මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් 2022 වසරට සාපේක්ෂ 2023 වසරේ රෙදිපිළි ඇඟලුම් අපනයන ආදායම 18% කින් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ අපනයන මිල දී ගන්නා ප්‍රධාන රටවල ජීවන වියදම ඉහළ යාම, ආර්ථික අවපාතය හා භූ දේශපාලනික ගැටළු ආදී ගෝලීය සාධක ද මෙම අපනයන ආදායම පහල යාම කෙරෙහි බලපෑම් කර ඇති බව මහ බැංකුව විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved