කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තම ඇඟිලි සලකුණු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථාන වලට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‌යාංශය ඉල්ලා සිටියි.
කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී ඇත්තේ එරට සිටින සියලු විදෙස් ශ්‍රමිකයින් ලබන 31 වනදාට පෙර ඇගිලි සලකුණු ලබා දිය යුතු බවය.
ඒ අනුව හවාලි, ෆර්වානියා, අහමාද්, මුබාරක් අල් කබීර්, ජහු යන නගරවල පිහිටි ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලවල ඇඟිලි සලකණු ලබාදීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.
කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ, ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලුම රාජ්‍ය හා බැංකු කටයුතු වලට බාධා පැමිණිය හැකි බවය.