පුවත්

කෙහෙලියට එරෙහි විශ්වාසභංගය කතානායක අතට

Published

on

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව ඊයේ දින සමගි ජන බලවේගය අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව අද (21) සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දී තිබේ.

වර්තමානය වන විට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන චෝදනා හේතු කරගෙන සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ මෙම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 45 දෙනෙකු අත්සන් තබා ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත් :

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට විපක්ෂය අත්සන් තබයි

Trending

Exit mobile version