කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම තරුණයා එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බව වාර්තාවේ.
කෙසේ වෙතත් ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා අනතුරක් ලෙස ඇද වැටුනේද හෝ පැන්නේ ද යන්න පිළිබඳව නිර්ණය කිරීමට පරීක්ෂණ සිදුකරන බවයි.