පුවත්

කෝටි 100ක මත්දුව්‍ය අල්ලයි

Published

on

රුපියල් කෝටි 100ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 6 දෙනෙකුද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මුල් තොගය සොයාගෙන තිබුණේ ඊයේ පස්වරුවේ හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ ගෙනැවිත් තිබූ ගුවන් භාණ්ඩ තොගයක් විවෘත කිරීමේදී එහි තිබී කෘත්‍රීම ගංජා තොගයක් සොයාගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමත් වීමත් සමගයි. එහිදී අදාළ ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පැමිණ සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඇම්පිටමින් නමැති මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණ වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Trending

Exit mobile version