වැඩ බලන හා වැඩ ආවරණය කිරීම යටතේ අත්‍යවශ්‍ය නොවන කාර්යයන් සඳහා සේවකයින් යෙදවීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාසයකට එම සේවකයන්ට අමතරව රුපියල් දෙකෝටි 81 ක් ලක්ෂයක (රු. 2,817,651.92) මුදල් ගෙවමින් සිටි බව අනාවරණය වී තිබේ.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කරන ලද තොරතුරු ඉල්ලීමකට අනුව ලබාදුන් තොරතුරු අනුව එම කරුණු අනාවරණය වී තිබේ.
ලැබී ඇති තොරතුරු අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩ බැලීමේ හා වැඩ ආවරණය කිරීමේ තනතුරු සඳහා සේවකයින් 91 දෙනෙකු අනුයුක්ත කර ඇති අතර ඔවුන් විධායක මට්ටමේ තනතුරුවල සිට පහළ මට්ටමේ තනතුරු දක්වා අනුයුක්තකර තිබේ.
එම සේවකයින්ට ඔවුන්ගේ පත්වීමේ තනතුරට අමතරව වැඩ බැලීමේ හා වැඩ ආවරණය කිරීමේ තනතුරු සඳහා මූලික වැටුපෙන් 1/6 සිට 1/8 දක්වා අමතර දීමනා ලබා දී තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අපගේ මූලාශ ප්‍රකාශ කරන ආකාරයට වැඩ බැලීමේ හා වැඩ ආවරණය කිරීමේ කටයුතු සඳහා දීර්ඝ කාලයකට සේවකයින් යෙදවිය නොහැකි බවට රාජ්‍ය විගණනය එම සංස්ථාව සම්බන්ධයෙන් පෙන්වා දී තිබේ.
මූලාශ්‍රය – අනිද්දා සති අන්ත පුවත