පුවත්

ගජමුතු සමග හිමිනමක් මාට්ටු

Published

on

මහනුවර – ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් විසින් ලක්ෂ 40 ක් පමණ වටිනා ගජ මුතු දෙකක් විකිණිමට උත්සහ කිරිමේදි එම හිමිනම අත්අඩංගුවට ගැනිමට මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන තිබේ.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ගජ මුතු දෙකක් ලක්ෂ 40 ක මුදලකට අලෙවි කිරිමට සුදානම් වන බවට ලද තොරතුරක් මත වනජිවි නිලධාරින් උපාය දුතයෙකු යොදාගෙන පසුගිය 5 වැනිදා සිදු කල මෙහෙයුමකදි ගජ මුතු දෙක සහ සැකකාර හිමිනමක් අත්අඩංගුවට ගෙන ඇත.

ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාර හිමිනම (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ සහ සහකාර අධ්‍යක්ෂක මධ්‍යම ප්‍රසාන්ත විමලදාස යන මහතුන්ගේ උපදෙස් පරිදි මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක කැළුම් පතිරණ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලිම සිදු කර ගජ මුතු දෙක සහ සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන ඇත.

Trending

Exit mobile version