පුවත්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න ඥාතීන්ට යළි අවස්ථාව

Published

on

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.

පසුගිය දිනවල  ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර ගිය උණ සහ සමේ රෝග තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් 9 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඉන් 4දෙනෙකු තවදුරටත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ රෝගී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර බලධාරීන් විසින් ඥාතීන් හට රැඳවියන් බැලීම සීමාකර තිබුණි.

කෙසේවුවද, රැඳවියන් පිටතට රැගෙන යාම තවදුරටත් සිදුනොකරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මේ වනවිට එම රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති බවද පැවසේ.

සබැඳි පුවත්  

ගාල්ල බන්ධනාගාරය‌ට යැවිය යුතු රැඳවියන් අඟුණකොළපැලැස්සට

ගාල්ල බන්ධනාගාරයේ සෞඛ්‍යමය හදිසි තත්ත්වයක්! (Update)

ගාල්ල බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු මරුට ; හේතුව මාරාන්තික බැක්ටීරියාවක්?

Trending

Exit mobile version