පුවත්

ගෑස් සිලින්ඩරයේ අනිත් ජාතික ලැයිස්තු අපේක්ෂකයා මෙන්න

Published

on

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තරුණ නියෝජනයක් අවශ්‍ය බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බොහෝ පාර්ශව වලින් ලැබුණු ඉල්ලීම් සලකා බලා කංචන විජේසේකර මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂය සදහන් කලය.

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීමට එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කටයුතු කළාය.

Trending

Exit mobile version