Connect with us

පුවත්

ගුරුවරියන්ට පහසු ඇඳුමකින් පාසල් එන්න දෙන්න – ස්ටාලින්

Published

on

ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී රාජකාරී කිරීමට අවස්ථාව ලබාදී ඇති හෙයින් ගුරුවරියන්ට ද එවැනි සහනයක් ලබා දෙන්නැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

(ලංකාදීප)

පුවත්

යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයින් යවන ජාවාරමක්

Published

on

By

ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයින්ට ඉහළ වැටුප් හා වරප්‍රසාද හිමිවන බව පවසමින් නොමග යවා රුසියා යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ ජාවාරමේ තොරතුරු හෙළිවී තිබේ

ත්‍රිවිධ හමුදාවේ  සේවය කර විශ්‍රාමලත් පුද්ගලයින්ට රුසියා හා යුක්‍රේන හමුදාවන්ට අනුයුක්තව කටයුතු කිරීමට අස්ථාව සලසා දෙන බවත් එම රටවල පුරවැසිභාවය ඇතුලු වරප්‍රසාද රැසක් ලබාදෙන බවත් පවසමින් මෙම මිනිස් ජාවාරම ක්‍රියාත්මක වන බවයි හෙළිවී ඇත.

යුද්ධ භූමියේදී බරපතල තුවාල ලබා ඉතාමත් අසරණව සහ කිසිදු හව්හරණක් නොමැතිව ඉන් සමහරක් එහිදී මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත.

මේ අතර රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ධව මෙම මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

එම ජාවාරමට හසුනොවන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන්නන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් නාවික හමුදා මුලස්ථානය දැනුවත් කරන ලෙස නාවික හමුදාව ඉල්ලා සිටී.

011 7192142 හෝ 011 7192250 යන දුරකතන අංකවලට එම තොරතුරු දැනුම් දිය හැකියි.

Continue Reading

පුවත්

ලංකාවේ අධ්‍යාපනයට කොරියාවේ සහය

Published

on

By

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙහිදී ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව කරුණු සාකච්ඡාවට බඳුන් විය.

වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී අදහස් පළ කලේය.

ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි ශ්‍රී ලංකාවේ පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඒ සඳහා එරටේ සහයෝගය අපේක්ෂා කරන බව ද පවසන ලදී.

Continue Reading

පුවත්

පොහොට්ටුව අද නෙළුම් මාවතේ රැස්වේ

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් අද (08) කොළඹට කැඳවා තිබේ

පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම එහි අරමුණයි.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (07) පැවැත්විය.

එහිදී තීරණය කර ඇත්තේ, පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ගම් මට්මින් මේ මස අග සිට ආරම්භ කිරීමටයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved